Friday, November 8, 2013

සේරුවාවිල රජ මහා විහාරය



ත්‍රිකුණාමලයේ සිට බෝට්ටුවෙන් කි.මී. 14 1/2 ක් පමණ දුරක් පමණ මුතූර් දක්වා ගමන් කර එතැන් සිට තවත් කි.මී. 16 ක් පමණ ගමන් කළ යුතු වෙයි. ත්‍රිකුණාමලයේ සිට කින්නියාතොට, උප්පුආරුතොට හරහා  පැමිණෙන විට කි.මී. 15 කට ආසන්න දුරක් ගෙවීමෙන් මෙම පුද බිමට ළඟාවිය හැකි ය. බෞද්ධ වන්දනාකරුවන් වැඩි ප්‍රමාණයක් යන කන්තලේ සිට වැටී ඇති මාර්ගයේ දී කි.මීටර් 90 ක පමණ දුරක් ගෙවා සේරුවාවිල පුද බිම වෙත සැපත් විය හැකි ය.

මෙම පුදබිමෙහි ඇති සුවිශේෂීත්වය නම් සේරු නුවර මහා සෑයේ සම්බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර තිබීමය. එපමණකුදු නොව එදා තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේස ධාතූන් ගෙන් කොටසක් ද මෙහි තැන්පත් කර ඇති බව ධාතු වංසයේ සඳහන්ව තිබේ.




Monday, October 21, 2013

Saturday, August 16, 2008

රාජගිරිය කලපලුවාව ශ්‍රී සුදර්මාරාම පුරාන විහාරය

රාජගිරිය කලපලුවාව ශ්‍රී සුදර්මාරාම පුරාන විහාරය

නාගරික පාරිසරයක පිහිටි මෙම පුරාන විහාරය ඉතා නිසංසල ආගමික සිත් පුබුදුවන පුදබිමකි. රාජගිරියේ සිට බුත්ගම පාරේ කි.මි 3ක් පමන යනවිට හමුවන ‍මෙම විහාරයේ ජායාරූප කිහිපයකි මේ.















ලංකා දැන්වීම් පිටුව ඇසුරෙන්

Monday, July 14, 2008

ලාහුගල තරුලෙන් ගල විහාරය

තරුලෙන්ගල ආරණ්‍ය සේනාසනය

මෙම විහාරය පිලිබද විස්තර සහිත විඩියෝව යූටියුබ් වලින් ලබාගන්නා ලදී.
මෙය යූටියුබ් සදහා යොමුකර තිබුනේ mamanlalith නැමති අයෙකුගේ විඩියොවකින්.






ලංකා දැන්වීම් පිටුව ඇසුරෙන්

Monday, July 7, 2008

මීතිරිගල වන සෙනසුන






ලංකා දැන්වීම් පිටුව ඇසුරෙන්

මිහින්තලය



මිහින්තලා පුජා ස්ථානය උතුරුමැද පලාතේ අනුරාධපුරයෙන් සැතපුම් 8ක් නැගෙනහිරෙන් පිහි‍ටා ඇත.
අනුරාධපුරයේ සිට මල්වතු ඔය පසුකොට නුවර වැව සමීපයෙන් මරදන්කඩවලට යන පාරේ සිට සැ.8ක්
ගිය විට මිහින්තලා පර්වතය හමුවේ.
මිහිදුහිමියන් ලක්දිවට වැඩ මුලින්ම මේ පර්වතයේ අම්බස්තල පර්වත මුදුනට වැඩිසේක.දෙවනපෑතිස් මහ
රජතුමා මිහිදු මහ හිමියන්ගෙන් බණ අසා බුදු දහම වැලදගත් අතර එම ස්තානයේ මෙම විහාරය ඉදිකරන ලදි.


මිහින්තලයේ පැරනි දේ අතර අම්බස්තල චෛත්‍ය, කටු සෑය, නාග පොකුණ, ආරාධනා ගල,කළු දිය පොකුන සමහරකි.

මිහිදු මහ රහතන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේලා හය නමකුත් සමග ලක්දිවට අහසින් එම ගල් තලාවට
වැඩි සේක. අමිබස්තලය යනු එම ගල් තලාවයි.

Friday, July 4, 2008

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා ඇතුලත් වෙබ් අඩවියක් .....මෙතනින් ඇතුලත් වෙන්න.
( මෙම වෙබ් අඩවිය හර්ෂ අබේකොන් මහතා විසින් ඉදිරිපත් කරයි)

මෙහි පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් ඇතුලත්ය. නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්‍රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද එකසේම ප්‍රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් පරිපූර්ණ වී ඇත.

මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන අතර තුරදීම නිවන් අත් දැකීමට සමහර බුද්ධිමත් සැදැහැවතුන්ට හැකි වීම මෙම ධර්ම දේශනා වල ඇති විශිෂ්ඨතාවයකි. උන්වහන්සේ විසින් කරුණා පෙරදැරිවම දේශනා කොට ඇති අනර්ඝ දේශනා සහ භාවනා උපදෙස් රාශියක් මෙම වෙබ් අඩවියෙහි අඩංගු වන අතර, මෙයින් බොහොමයක්ම මේ ආත්මයේදීම නිවන අත්දැකීමට උනන්දුවන යෝගාවචරයන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති දේශනාවන් වේ.

ලංකා දැන්වීම් පිටුව ඇසුරෙන්

Wednesday, July 2, 2008

අශෝකාරාමය - ‍කොළඹ 05



තිඹිරිගස්යාය කොළඹ 05 අශෝකාරාම විහාරයේ ජායාරූප කිහිපයක් -
මෙම ‍විහාරයේ පුරාන විස්තර දන්වා එවන මෙන් ඉල්ලා සිටිමි.

Thursday, June 26, 2008

ඥාණවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානය - අතුරුගිරිය






















ඥාණවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානය - අතුරුගිරිය
අතුරුගිරිය නගරයට ආසන්නයේ ඉතා නිසංසල පරිසරයක පිහිටි ඥාණවිමල විපස්සනා භාවනා මධ්‍යස්ථානය අවට බෞද්ධ ජනයාගේ සිත් සතන් ශ්‍රී සද්ධර්මයෙන් පොෂණය කරයි.
අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලය අසලින් ඥාණවිමල මාවතේ මද දුරක් (කිමී 1/4) පමන යන විට හමුවන මෙම විහාරස්ථානයට වසර 20ක පමන අතීතයක් ඇත.
භාවනා යොගී භික්ෂූන් වහන්සේලා වැඩ ‍වසන මෙම ස්ථානයේ අබිනවයෙන් ඉදිකරන ලද බුදු මැදුර සහ සංඝාවාසය අති රමණීයයි.

අතුරුගිරියේ ඥාණවිමලාභිධාන නායක හිමියන් විසින් ප්‍රදේශයේ ධාන පතිනියකගේන් පරිත්‍යාග කරනු ලැබූ ඉඩමක ආරම්භ කරන ලද මෙම ස්ථානයේ වත්මන් නායක ස්වාමීන් වහන්සේ ලෙස වැඩවසන්නේ කර්මස්ථානාචාර්ය අතිපුජ්‍ය ගස්නාවේ ඤාණානන්ද මාහිමියන්ය.

Wednesday, June 25, 2008

කන්දෙ විහාරය - පනාගොඩ




තවත් කන්දෙ විහාරයක් - කොළඹට නුදුරින්


මාර්ග අංක 190 ගොඩගම පාරේ පනාගොඩ නගරයේ තවත් ඉපැරණි කන්දේ විහාරයක් ඇත.ඉතා අලංකාර නිස්කලංක වටා පිටාවක පිහිටා ඇති විහාරය ඉංග්‍රීසි ආංඩු කාලයේ ප්‍රතිසංස්කරණය කර ඇත.එහි පිලිම වහන්සේලා කිහිපනමකගේ ජායාරූප යි මේ.