Friday, November 8, 2013

සේරුවාවිල රජ මහා විහාරය



ත්‍රිකුණාමලයේ සිට බෝට්ටුවෙන් කි.මී. 14 1/2 ක් පමණ දුරක් පමණ මුතූර් දක්වා ගමන් කර එතැන් සිට තවත් කි.මී. 16 ක් පමණ ගමන් කළ යුතු වෙයි. ත්‍රිකුණාමලයේ සිට කින්නියාතොට, උප්පුආරුතොට හරහා  පැමිණෙන විට කි.මී. 15 කට ආසන්න දුරක් ගෙවීමෙන් මෙම පුද බිමට ළඟාවිය හැකි ය. බෞද්ධ වන්දනාකරුවන් වැඩි ප්‍රමාණයක් යන කන්තලේ සිට වැටී ඇති මාර්ගයේ දී කි.මීටර් 90 ක පමණ දුරක් ගෙවා සේරුවාවිල පුද බිම වෙත සැපත් විය හැකි ය.

මෙම පුදබිමෙහි ඇති සුවිශේෂීත්වය නම් සේරු නුවර මහා සෑයේ සම්බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර තිබීමය. එපමණකුදු නොව එදා තපස්සු බල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේස ධාතූන් ගෙන් කොටසක් ද මෙහි තැන්පත් කර ඇති බව ධාතු වංසයේ සඳහන්ව තිබේ.




No comments: